අතුරුගිරියේදි වෙඩි වැදුණු ටැටූ හිමිකරුගේ බිරිද ගැන දැන් ලැබුණු ආරංචිය..

CID - Sri Lanka Police Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Jul 21, 2024 04:21 PM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

 පසුගියදා අතුරුගිරියේදි සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් කල්බ වසන්ත සහ තවත් අයෙක් මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු බරපතළ තුවාළ ලැබුවා.

සිද්ධියේ ඉත්තෙකු බවට පත්ව සිටි ටැටූ මධ්‍යස්ථානය විවෘත කළ පුද්ගලයාගෙ බිරිදද බරපතල තුවල ලැබුවා.

ඔහුගේ බිරිඳ තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඇගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින රෝහල් ආරංචි මාර්ග සදහන් කළ අතට ඇගේ සුවදුක් විමසා බැලීමට කිසිදු හෝ ඥාතියෙක් නොපැමිණෙන බව පසුගිය දා වාර්තා වුණා.

එදින වෙඩි ප්‍රහාරයට ලක්වූ ගායන ශිල්පිණිය කේ. සුජීවාද තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ටැටූ ආයතනයේ හිමිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණියක් ද අද අත්අඩංගුවට ගැනුණා. ඇය වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් බවට වාර්තා වනවා.

ඇය අද කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය 21 හැවිරිදි ඇය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මෙම වෙඩි තැබීම සඳහා ඇය ආධාර අනුබල දී බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.