අනවසරයෙන් පොල් කැඩූ පුද්ගලයෙකුට වෙඩි තබයි - මෙරටින් ඇසෙන බිහිසුණු පුවත

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jun 16, 2022 05:18 AM GMT
Report

කොච්චිකඩේ - ඇත්ගාල - කැරම් වත්ත ප්‍රදේශයේදී අනවසරයෙන් පොල් කැඩූ පුද්ගලයෙකුට ඉඩම් හිමියා වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයා අදාළ පොල් ඉඩමේ සිටියදී හිමිකරු බෝර 12 වර්ගයේ තුවක්කුවකින් වෙඩි තබා තිබුණා. ඉඩම් හිමියා තුවක්කුව ද රැගෙන කොච්චිකඩේ පොලිසියට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now