9 හැවිරිදි ෆාතිමා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනාගේ මාධ්‍යයට නිකුත් කළ නවතම ඡායාරූප සහ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇති තොරතුරු සියල්ලම මෙතනින් (PHOTOS)

Sri Lanka Atulugama Child Murder
By Sewvandhi May 30, 2022 08:13 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පොලිසිය විසින් පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු එම ප්‍රදේශයේ ම කීර කොටුවක අයෙකු බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයාගේ ඇඳ යට තිබී මඩ තැවරුණු සරොමක් ද සොයාගෙන තිබෙනවා.

මේ වනවිට අදාළ පුද්ගලයාගේ පින්තූර කිහිපයක් ද නිකුත් වී ඇති අතර, සැකකරුගේ කොරටුව පිහිටා ඇත්තේ, දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ වගුරු බිමකඩට මීටර් 150ක දුරකින් බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සැකකරුවන් දැරිය ඝාතනය වූ ස්ථානයට ද පොලිස් විමර්ශනවල දී පැමිණ සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

කෙසේවෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් එම පුද්ගලයන් දෙදෙනා සැකකරුවන් පමණක් වන අතර, දැරියගේ මරණය පිළිබඳ වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

ඒ පානදුර මූලික රෝහලේදියි. සිද්ධිය සම්බන්ධයෙන් වන ස්ථානීය මරණ පරීක්ෂණ පෙරේදා රාත්‍රියේ දි ම මහේස්ත්‍රාත්වරිය සිදුවීම සිදු වූ ස්ථානයට පැමිණ සිදු කළා. කෙසේවෙතත් පොලිසිය පැවසුවේ, දැරියගේ මෘත ශරීරය හමු වූ ස්ථානයේ පා සටහන් ආදිය සහ බොහෝ වැදගත් සාක්ෂි මැකී ගොස් ඇති බවයි.

ඒ සිද්ධිය සැල වූ වහාම එතැනට රැස් වූ ගම්වාසින්ගෙන් බව ද පොලිසිය පැවසුවා. නමුත් ඊයේ (29) දිනයේ දි පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණා. මේ අතර, දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් 5ක් ඒකාබද්ධවයි. ඒ අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන මෙන්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ද අවදානය යොමුකරමින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුණු ඔස්සේ ද දුරකථන දත්ත වාර්තා පිළිබද විමර්ශන සිදු කරන බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ.

පසුගිය 27 වන දා බණ්ඩාරගම - අටළුගම ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි. ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGallery