අහස පොළොව කම්පා කරමින්, අටලුගම බාල වයස්කාර දැරිය මඩේ ගිල්වා මැරූ වැරදිකරුට අද අධිකරණයෙන් ලැබුණු අලුත්ම නියෝගය..!

Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime Latest Headlines
By Sewvandhi Feb 13, 2024 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින්, අද (13) වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණි.

මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි.

ඒකී සිරදඬුවම් නියම කෙරුණේ, සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියව මව සන්තකයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවලටයි.

මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නම් විත්තිකරුවට නියෝග කෙරුණි. එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හයාමාරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

එනම් මෙහිදී 2022.05.27 වනදා නිවස ආසන්නයේ වෙළෙඳසැලකය ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී දූෂණය කිරීමේ අරමුණින් දැරියව රවටා අවට පිහිටි ලදු කැළෑවකට රැගෙන ගොස් තිබුණි.

විමර්ශනවලදී අනාවරණය වුණේ, පසුව විත්තිකරු දැරියව දූෂණය කිරීමට උත්සාහ දරා ඇතත් දැරියගේ කෑගැසීම නිසා බියට පත් විත්තිකරු දැරියව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවත් දැරිය දූෂණයට ලක්වී නොමැති බවත්ය.

විත්තිකරු දැරියගේ පියාගේ මිතුරෙකු බවත් නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙක් බැවින් දැරිය කිසිදු බියකින් තොරව විත්තිකරු සමග ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.