අසල්වැසි නැදෑයාගෙන් ලංකාවේ ජනතාවට ලැබෙන්න යන විශේෂ තෑග්ග..
ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට තමිල්නාඩුවෙන් ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ජීවිතාරක්ෂක ඖෂධ යැවීමට සූදානම් බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් අමාත්‍ය සභාවේදී ප්‍රකාශ කළ හ.
ඒ අනුව මධ්‍යම රජයේ අනුමැතිය ඇතිව සහල් ටොන් 40,000ක්, කිරිපිටි ටොන් 500ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ පළමු අදියරේදී තමිල්නාඩුවෙන් එවීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට උපකාර කිරීම සඳහා මුල්‍ය ආධාර ලබාදෙන ලෙසත් ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් තමිල්නාඩු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
එලෙස පරිත්‍යාග කිරීමට කැමති අයට ඒ සඳහා භාවිත කළ හැකි බැංකු ගිණුමක විස්තර ද තමිල්නාඩු මහ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළහ.
මහ ඇමතිවරයාගේ මෙම පොදු සහන අරමුදලට පරිත්‍යාග කරන්නන් ආදායම් බද්දෙන් නිදහස් කරන බව ද වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |