නිවැසියන් සාදයට ගිය අතරතුර , ලක්ෂ 26 කට ආසන්න රන්බඩු සොරාගත් ඥාතී පුතා..

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Nov 26, 2022 04:32 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නිවසකින් රුපියල් ලක්ෂ 26කට ආසන්න රන් බඩු සොරා ගත් සැකකරුවෙකු පැය විසි හතරක් තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා. එනම් නිවැසියන් සාදයකට ගොස් සිටි අවස්ථාවකදී ආදුරුප්පුවීදියේ වීදියේ පිහිටි නිවසක් තුළයි මෙම සොරකම සිදුව තිබෙන්නේ.

සැකකරු විසින් සොරාගත් පවුම් 16 1/2 ක රන්බඩු මාලිගාවත්ත ප්‍රදේශයේ ඔහුගේ මිතුරකුගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය එම සැකකරු ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරු එම නිවෙස් හිමියන්ගේ ඥාති පුතෙක් බවද පොලිසිය පවසයි. නිවැසියන් පෙරේදා (23) දහවල් සාදයකට ගොස් සිටියදී නිවසට පැමිණ මෙම සොරකම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් ඉහත නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සොරා නිවසට ඇතුලු වූ අන්දමක් නිරීක්ෂණය නොවූ බවත්, නිවැසියන් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදී නිවසේ යතුර මීට සතියක පමණ කාලයක සිට අස්ථාන ගත වී ඇති බවට තොරතුරු හෙළි වූ බවත් පොලිසිය පවසයි.

මෙම සොරකමට නිවසේ කිසිවකුගේ සම්බන්ධයක් ඇති බවට ඇති වූ සැකයක් අනුව විමර්ශන කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. සැකකරු විසින් ඉහත නිවසේ යතුරු සොරාගෙන ගොස් ඇති බවත්, සිද්ධිය වූ දින ඔහුද නිවැසියන් සමග සාදයට සහභාගි වී කලින් එම ස්ථානයෙන් ඉවත් වී නිවසට පැමිණ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මොහු විසින් එම රන්හාණ්ඩවලින් එක් මාලයක් මිතුරකුගේ හැඳුනුම්පතකින් උකස් තබා ඇති අතර, සෙසු රන් භාණ්ඩ උකස් කිරීම සඳහා මිතුරාට ලබා දී ඇති බවද පොලිසිය පවසයි. සැකකරු හා ඔහුගේ මිතුරා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින්නන් බවද පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now