මව රෙදි සෝදන් එන ටිකට, අනියම් බිරිඳගේ සිගිති පුතුට කළ ලිංගික අපරාධය..
තම අනියම් බිරිඳගේ වයස අවුරුදු හතක් වන පිරිමි දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයකු පෙරේදා (16) අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරගොඩ - තලාව අවට පදිංචිව සිටි 26 හැවිරිදි කම්කරුවකු ලෙස සේවය කළ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
වින්දිත දරුවාගේ මව පළමු විවාහයෙන් පසු සැකකරු සමග තාවකාලිකව පදිංචිව සිටිමින් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවත් එම සැකකරුට දාව උපන් දරුවකු ද මෙම යුවළට සිටින බවත් පොලිසිය සඳහන් කළේය.
තමන් රෙදි සේදීමට නිවස අසල ඇති ජල කරාමය ළඟට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ දී සැකකරු විසින් තම දරුවාගේ ඇඳුම් ගලවා තිබෙන අයුරු දැකීමෙන් පසු ඒ පිළිබඳව දරුවාගෙන් කළ විමසීමක දී මෙම සිද්ධිය අනාවරණය වූ බව පැමිණිල්ලක් සිදු කරමින් දරුවාගේ මව ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ(17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |