මෙරට ප්‍රධානතම රජමහ විහාරයකින් රන් හා පළිගු කරඬු 8ක් සොරා ගැනේ.

temple Kotawehera Rambukkana
By Sewvandhi Feb 12, 2022 08:30 AM GMT
Report

රඹුක්කන - කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු 5 ක් සහ පළිඟු කරඬු 3 ක් සොරකම් කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ විහාරයට පැමිණි සොරුන් පිරිසක් ඒවා පැහැර ගන්නට ඇතැයි සැක කරන බවයි.

මෙලෙස සොරා ගෙන ඇත්තේ දැඩිවෙල - කොටවෙහෙර පුරාවිද්‍යාත්මක භූමියේ සිදුකල කැනීම්වලදී සොයා ගැණුනු ඉතා වටිනා කරඬු බව ද ඔහු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන සඳහා පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයට යොමු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now