අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ දැනුම්දීමක්..
Gotabaya Rajapaksa
President of Sri lanka
By krishani
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා සුදුසුකම් සහිත සක්‍රීය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමට කටයුතු කරන ලෙසටයි.
විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා පත්කිරීමට කටයුතු නොකරන ලෙස ද ඔවුන් ඉල්ලා තිබෙන අතර අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා පත්කරන රාජ්‍ය නිලධාරීන් විසින් ගන්නා සෑම තීරණයකටම රටේ පුරවැසියන් වෙත වගකිවයුතු බව සිය සංගමයේ ස්ථාවරය බව ද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇත.
එමෙන්ම විශ්‍රාමික නිලධාරීන් පත් කළ කිසිදු අමාත්‍යාංශයක හෝ ආයතනයක කැපීපෙනෙන කාර්යසාධනයක් පසුගිය කාලසීමාව තුළ සිදුවී නොමැති බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |