අනුරට බිත්තර ගහපු හැටි CCTV කැමරාවක සියල්ල සටහන් වෙයි...සියලු දර්ශන මෙන්න.(VIDEO)

Police Political Attack Jvp CCTV camera Anura Kumara disanayake
By Aruna Jan 31, 2022 05:59 AM GMT
Report

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වනවිටත් එම සිද්ධියට අදාළ ව පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් කලගෙඩිහේන ප්‍රදේශයට පැමිණ තිබුණා.

එහි සිටි කිසියම් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණේ, එම අවස්ථාවේදියි.

පසුව සමුළුවට සහභාගිවීමට පැමිණ සිටි පාක්ෂිකයින් පිරිසක් විසින් බිත්තර ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු පොලීසියට භාර දීමට කටයුතු කර තිබුණා.

අදාළ බිත්තර ප්‍රහාරය එල්ල කරන පුද්ගලයින් හා එම බිත්තර ප්‍රහාරය එල්ල කරන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now