පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල් ගත කළ අනෙක් සිසුන්ගේ දැන් තත්වය.. - (VIDEOS)

Sri Lanka Police Sri Lanka Accident Death Sri Lankan Schools
By Wayomi Nov 15, 2023 11:24 AM GMT
Report

අද (15) උදෑසන ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටී වැල්ලම්පිටිය-වේරගොඩ විදුහලේ, 01 ශ්‍රේණියේ සිසුන් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි එක් සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතරඅසාධ්‍ය තත්වයේ සිටි තවත් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ඒ, එම මරණය ගැන ජාතික රෝහාලෙන් නිශ්චිත තොරතුරක් ලබාදී නොමැති අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ එම දැරිය දැඩිසත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අනතුරින් තවත් සිසුවියන් 03 දෙනෙක් සහ තවත් සිසුන් 02ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මේ අතරතුර එම පුවතත් සමග කලහාකාරී වූ ගම්වැසියන් වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දී ඇති අතර පහරකෑමට ලක් වූ විදුහල්පතිවරයා ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.