ප්‍රියන්ත ඝාතනයෙන් මාස 2කට පසු තවත් එවැනි කුරිරු ඝාතනයක්..ඇඟ හිරිවැටෙන සිද්ධිය මෙන්න..

Imran Khan Parkistan khanewel district panjab priyantha kumar
By Sewvandhi Feb 14, 2022 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් පුද්ගලයෙකු පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කානේවාල් දිස්ත්‍රික්කයේ දී ඝාතනය කර තිබෙනවා. ඊට සම්බන්ධ 80 දෙනෙකුට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොට් නගරයේ කර්මාන්තශාලාවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර පහර දී මරාදමා ගිනි තැබීම සිදු කර මාස දෙකකට පසුව මෙම සිදුවීම වාර්තාවීම විශේෂත්වයක්.

අදාළ පුද්ගලයා සැකකරුවන් විසින් පැහැරගැනීමට පෙර ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එසේම රාජකාරිය පැහැර හැරි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. මෙම පුද්ගලයාට අමානුෂික අන්දමින් පොලුවලින් පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් විසින් සිරුර ගසක එල්ලා ඇති බව ද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now