පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..!(VIDEO)
පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමග සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ළමුන් සමාජයට නිරාවරණය වීමත් සමග කොවිඩ් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
"ප්‍රධාන වගකීමක් තියෙනවා දෙමාපියන්ට තමන්ගේ දරුවන් ආසාදිතයෙක් බවට රෝග ලක්ෂණ පෙන්නුවොත්, යම් අවධානමකට ලක්වුණොත්, නිවසේ අයෙක් යම් අවධානමකට ලක්වෙලා තියෙනවා නම්, දරුවා පාසල් නොයවා ඉන්න.
ඒ වගේම පාසල තුළ දී යම් රෝග ලක්ෂණයක් පහළ වුණොත් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න ආචාර්ය මණ්ඩලය හා අනෙකුත් කාර්ය මණ්ලය අපි දැනුවත් කරලා තියෙනවා.
ඒ නිසා ඉදිරියේ දී රට තුළ වර්ධනය වෙමින් තියෙන තත්ත්වයේ දී පාසල් දරුවන් ආරක්ෂිතව පාසල තුළ පවත්වා ගැනීමේ වගකීම සම්පූර්ණයෙන් ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල හා දෙමාපියන්ට පැවරෙනවා. ඒ නිසා වගකීමෙන් කටයුතු කළොත් පාසල් ඉදිරියට පවත්වාගෙන යෑමට පුළුවන් වෙයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |