දක්ෂිණ අධිවේගයේ අනතුරක්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.
ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් එක් ලොරි රථ රියදුරෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බවයි ගැලනිගම පොලිසිය සඳහන් කළේ.
ලොරි රථ දෙකම කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී කිලෝමීටර 3.9 ආසන්නයේ දී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ශබ්දයක් ඇසී මාර්ගයේ අයිනට කර නතර කිරීමත් සමඟම පිටුපසින් පැමිණි ලොරි රථය එහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරන්නේ.
ලොරියේ සිර වී සිටි රියදුරුව පිටතට ගෙන හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකා හදිසි මුදාගැනීමේ නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.
තුවාල ලද රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතරම,ලොරි රථයට බරපතළ අලාභ සිදු වී ඇත.
දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.