තම දියණිය දූෂණය කළ පියෙකු... පොලිසියට බියේ වෙඩි තබාගෙන මිය ගිය බිහිසුණු කතාව...දරුවන්ද ඝාතනය කරන්න ගිහින්...

Ampara Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sithumi Nov 26, 2023 04:17 PM GMT
Report

අම්පාර පන්නල්ගම 2සී කුමන ප්‍රදේශයේ දී තම දියණිය දුෂණය කල පුද්ගලයෙක් කොටන තුවක්කුවකින් වෙඩි තබා ගෙන මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිද දැනට මාස හයකට පමන පෙර මැදපෙරදිග රුකියාවට ගොස් තිබේ.තම බිරිද ගිය අවස්ථාවේ සිට පියා විසින් දියණිය දුෂණය කර තිබේ.පසුව දියණිය විසින් මැදපෙර දිග සිටින මවට මේ පිලිබදව දැනුම් දි අතර පසුව මෙම කාන්තව තම ස්වාමියා පුරුෂයාගෙන් විමසා තිබෙනවා.

මේ පිලිබදව පොලිසියට දැනුම් දුන්න හොත් දරුවන් දෙදෙනාද මරා තමාද මැරෙන බවඔහු බිරිදට පවසා තිබේ. මේ අතර දමන පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ කා.පො.සැ.2463 චතුරිකා මියට මෙම සිදුවිම පිලිබදව දුරකථන ඇමතුමක් ලැබි තිබෙනවා.

ඇය ඒ අවස්ථාවේදිම රාජකාරි කටයුත්තක් සදහා අම්පාර ගොස් සිටි දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක .මනෝජ දිසානායක මහතාට මෙම පණවිඩය ලබා දි ඇති අතර එම අවස්ථාවේ්දිම ක්‍රියාත්මකවු පොලිස් ස්ථානාධිපති මනෝජ් දිසානායක මහතා කා.පො.සැ.2463 චතුරිකා සහ තවත් නිළධාරින් පිරිසක් පන්නල්ගම එම නිවස වෙත යවා තිබෙනවා.

මෙම පිරිස පන්නල්ගම අදාල නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ගේ ඇතුලට පැනගත් දරුවාගේ පියා නිවසේ දොරවල් වසා ගෙන තිබේ.පොලිස් නිළධාරින් දොර අරින ලෙසට කතා කලත් පොඩ්ඩක් ඉන්න මම එනවා යැයි පවසා නිවස තුල තිබු කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන තිබුනා.

.පොලිසියට දුරකථන ඇමතුම ලැබුන සැනින් පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මකවිම නිසා මෙම පුද්ගලයාට දරුවන් ඝාතනය කිරිමට නොහැකි වු බවයු අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසුවේ.