පෙම්වතියගේ අලුත් පෙම්වතා මැරීමට බෝම්බයක් රැගෙන ආ පෙම්වතා..

Sri Lanka Police Ampara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 29, 2022 07:36 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සිය පෙම්වතියගේ අලුත් පෙම්වතා ව ඝාතනය කිරීම සඳහා බෝම්බයක් රැගෙන අම්පාරට පැමිණි පුද්ගලයකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අදාළ තරුණිය සමඟ සබඳතාවක් ආරම්භ කර ඇත්තේ, ෆේස්බුක් තුළින් සිදු වූ කතාබහකින් බවට යි වාර්තා වන්නේ.

ඇය වෙනත් තරුණයකු ද සමඟ සම්බන්ධයක් ආරම්භ කර ඇති බවට ලැබුණු තොරතුරක් මත සැකකාර තරුණයා බෝම්බයක් ද රැගෙන අම්පාර - එරගම ප්‍රදේශයට පැමිණ සිටි බව පොලිසිය පවසනවා.

ඔහු සතු ව තිබී ඇත්තේ, විදේශ රටක නිෂ්පාදිත ජේ.ආර් වර්ගයේ ජීව අත්බෝම්බයක්. සැකකරු 27 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය සොයාගෙන තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now