ගෙදර ගහේ හැදෙන ඇඔරැල්ලා වලින් රසම රස කෑමක් හදමු...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
ඇඹරැල්ලා දෝසි
ඇඹරැල්ලා කියන්නේ අපි හැමෝම කැමති කෑමක් ඉතින් මේ ඇඹරැල්ලා මාළුව අපි හැමදාම කනවනේ. අද අපි හදන්න යන්නේ ඇඹරැල්ලා වලින් පැනි පිරුණු කෑමක් .
අවශ්‍ය ද්‍රව්‍ය -
- ඇඹරැල්ලා ගෙඩි 15
- තලාගත් කරදමුංගු ඇට 3
- ලුණු රස අනුව
- සීනි කෝප්ප 1
- කුරුදු කැබැල්ලක්
සාදා ගන්නා අයුරු -
ඇඹරැල්ලා ගෙඩි සුද්ද කරලා මැදින පිහියකින් පොඩිවට ඇනලා ටිකක් හිල් කරගන්න. පසුව තරමක කෑලි කපාගන්න. මේ ඇඹරැල්ලා වලට වැහෙන ගාණට අඩුවෙන් වතුර දාලා තම්බාගන්න. වතුර ගොඩක් දාගන්න එපා. ඇඹරැල්ලා තැම්බීගෙන එනකොට සීනි, කුරුදු හා එනසාල් එකතු කරන්න. ලුණු ටිකකුත් දාලා මද ගින්නෙ පිසගන්න. සෑහෙන වෙලා පිසගන්න වෙනවා මේක. ඒ නිසා සැරෙන් සැරේ අඩිය අල්ලන්න නොදී කලවම් කරගන්න. ඇඹරැල්ලා රන්වන් පාට වෙනකල් පිසගෙන, ලිපෙන් බාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |