වෙන් වූ අතක් යළි සවි කළ විශ්මිත සැත්කම. (PHOTOS)

Hospitals in Sri Lanka Accident
By Wayomi Feb 04, 2024 11:43 AM GMT
Report

වැඩබිමේ සිදුවූ අනතුරක් නිසා කාන්තාවකගේ උරහිසට අඟල් කීපයක් පහළින් කැපී වෙන්වී ගිය අතක් පැය හයක ශල්‍යකර්මයකින් පසු යළි බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

මේ සංකීර්ණ ශල්‍යකර්මය සිද්ධවන්නේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ප්ලාස්ටීක් ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක ප්‍රමුඛ කණ්ඩායම එක්ව සිටියා.

35 හැවිරිදි අදාල කාන්තාව කොහු කර්මාන්ත ශාලාවක ශ්‍රමික කාන්තාවක් වන අතර කොහු අඹරන යන්ත්‍රය පිරිසිදුකරමින් සිටියදී එක්වරම යන්ත්‍රය ක්‍රියාත්මක වී ඇයගේ අත යන්ත්‍රය තුළට ඇදී ගොස් තිබෙනවා.

වෙන් වූ අතක් යළි සවි කළ විශ්මිත සැත්කම. (PHOTOS) | Amazing Surgery To Reattach A Severed Arm

එහිදී උරහිසේ අඟල් කීපයක් පමණක් ඉතිරිකර අත කැපී වෙන්වී විසිව ගොස් ඇත.

අධික රුධිර වහනයත් සමඟ සියල්ලන් බිය වී ඇති අතර පසුව වෙන් වී ගිය අත අයිස් බෑගයක දමාගෙන කාන්තාව වහාම අනුරාධපුර රොහලට අතුළත් කර තිබෙනවා.

අනුරාධපුර මහා රෝහලේ වෛද්‍යවරු රෝගියාට මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණා.

වෙන් වූ අතක් යළි සවි කළ විශ්මිත සැත්කම. (PHOTOS) | Amazing Surgery To Reattach A Severed Arm

එහිදී මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක, වෛද්‍ය උදය කිරිදෙන, වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල, වෛද්‍ය කසුන් හා සේනක ආදාල කාන්තාවගේ අත සාර්ථකව බද්ධ කිරීමට සමත්වුණා.

ඊට ශ්‍යාමා නානයක්කාර, සිතාරා සුරවීර,චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන,එරන්දි මදුෂානි,සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්එක්ව තිබෙනවා.

වෙන් වූ අතක් යළි සවි කළ විශ්මිත සැත්කම. (PHOTOS) | Amazing Surgery To Reattach A Severed Arm

                                                                                     Sponsored By Sarrita Jewellery

වෙන් වූ අතක් යළි සවි කළ විශ්මිත සැත්කම. (PHOTOS) | Amazing Surgery To Reattach A Severed Arm