ගොරක සතු විශ්මිත ගුණ ගැන ඔබ දන්නවාද..?
ගොරක ගත් කල ලෝකයේ හොඳම ගොරක හැදෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. garcinia cambogia යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් තමයි මේ ගොරක හදුන්වන්නේ. ගොරකා යනු රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන කුළුබඩු වර්ගයක් . ගොරකා කියන්නේ අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළුතැන්ගෙයට නැතිවම බැරි රසකාරකයක් විදියට හඳුන්වන්නට පුළුවන්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි.
ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි.
අපි බලමු ගොරක ආහාරයට එක් කර ගැනීම මගින් අපේ සෞඛ්‍යට කෙතරම් හොද ප්‍රතිඵල ලැබෙනවාද කියා.
- හදවත් රෝග සඳහා යෝග්‍ය වේ.
- රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම
- අර්ශස් රෝග සදහා ගුණ දායකයි.
- පණු රෝග ගුණ දායකයි.
- ආහාර රුචිය ඇති කරයි
- ආහාර අතර පවතින අසාත්මිකතා අවම කරයි
- හොරි, දද ආදිය සුව කරයි.
- ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ෂා වේ
- ලේවල සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරයි.
- ශරීරයේ බර වැඩි වීම පාලනය කරයි.
- HIV වෛරසයට එරෙහිව සටන් කිරිමේ හැකියාව.
- පිළිකා නාශක ගුණයද ඇත.
- ශරීරයේ අවයවවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
- ආසාදනයන් ඇති වීමේ අවදානම අවම කිරයි.
ගොරකා භාවිතයෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙන බව සැබෑය.නමුත් ගොරකා අධික ලෙස පරිභෝජනයෙන් ඔක්කාරය, හිසරදය සහ ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතා ඇති වීමට පුළුවන්.එසේම අධික ලෙස භාවිතය අක්මාවට ආශ්‍රිත ගැටළු ඇති වීමටත් හේතුවක් වෙනවා. එසේම ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අය ගොරකා පානය කිරීමෙන් වැළකී සිටීම යෝග්‍යයි.ඒ වගේම ඔබ ගොරකා සම්බන්ධ අතිරේකයන් භාවිතා කිරීම ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වැදගත් ය.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |