විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ජීවිතක්ෂයට..!

By Sewvandhi May 09, 2022 12:21 PM GMT
Report

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මිය ගොස් තිබෙනවා

ඒ අද උදෑසන නිට්ටඹුව නගරයේ ආන්ඩුවට එරෙහි ව පැවති විරෝධතා ව්‍යාපාරයටකට එක් වූ පිරිසකට වෙඩි තැබීමෙන් පසු කුපිත වූ පිරිසක් ඔහුගේ මෝටර් රථයට සහ ඔහුට පහර දීමට උත්සාහ දැරීමේ දි යි. මියයෑමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

කෙසේ නමුත් ඔහුගේ ආරක්ෂකයෙකුගේ ද සිරුරක් එම ස්ථානයේ තිබී හමුවී තිබෙනවා 

කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියෙන් ප්‍රකෝප වූ පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රථයට පහර දී නගර මධ්‍යයේ එය පෙරළා දැමුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now