හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියාට හෙල්මට්වලින්ම පහරදී ඝාතනය කළ පාසල් සිසුන්ට අද දුන් නියෝගය..!

Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 15, 2023 05:19 PM GMT
Report

ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට මෙම මස 28 වනදා දක්වා රැදවුම් නියෝග ලබා දී තිබෙනවා.

ඒ අනුව, එම සිසුන් මාකොල පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගන්නා ලෙසටයි මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද(15) නියෝග කළා.

ඊයේ වැලිපැන්න - අලුත්ගම මාර්ගයේ ගලමත්ත කුරුදිප්පිට පාරට හැරෙන මංසන්දිය අසළදී යතුරු පැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් පිරිසකටයි ඝාතනයට ලක් වූ පුද්ගලයා හිස් වැසුම් පළඳින ලෙස උපදෙස් ලබාදී තිබුණේ.

එහිදී ඊට උරණ වූ පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මෙම සිසුන් ඔහුට හිසේ පැළදීමකින් තොරව තම අත්වල රඳවාගෙන තිබූ හිස් වැසුම් වලින් බරපතල ලෙස පහර දී තිබෙනවා. 34 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now