සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් ඇදවැටුණු ළමා ප්‍රේමවන්තයන්ගේ ඛේදවාචකය.. සීසීටීවි දර්ෂන ඔස්සේ කරන්න යන දේ..

Accident School Children
By Sithumini Jul 03, 2024 07:57 AM GMT
Report

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරනවා. මේ සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇතු අය්හට ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවතී තිබෙනවා.

ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණා.

ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන් ද එම මධ්‍යස්ථානය තුළ තබා 67 වැනි මහලට ගොස්  ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේයි.

අනතුරුව ඔවුන් එම මහළෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ. ඔවුන්ගේ සිරුරු හමුවුණේ, මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීයි.

එම යන්ත්‍රවලට කැපී ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුව තිබුණු අතර මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.