කොළඹ කොටස් දර්ශකය ඉතිහාසය නැවත ලියයි
Colombo Stock Exchange
Latest Headlines
Stock Market
Sinhala news
Puwath.lk
By Shehan
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 297.13ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 18,838.39ක් ලෙස සටහන් විය.
මෙම දර්ශකයේ වර්ධනයට සමාගම් 132ක් දායක වී තිබුණි. මේ අතර, S&P SL20 මිල දර්ශකය ඒකක 167.15කින් ඉහළ යමින් ඒකක 5,653.65ක් ලෙස වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9.49ක් ලෙස සටහන් විය.