SLS සහතිකය නැතිව මේවා විකිණීම තහනම් - නීති තද කරමින් ලක්ෂ ගාණක දඩ

Law and Order Latest Headlines Sinhala news Puwath.lk SLS certificate
By Mithu Sep 10, 2026 11:26 AM GMT
Report

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) අනිවාර්ය ප්‍රමිති සහතික ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ හතරක  දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අගෝස්තු 28 වනදා සිදුකළ වැටලීමකදී මෙම බාල විදුලි උපාංග හසුකරගෙන ඇති අතර, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ ආයතනයට එරෙහිව නඩු පවරන ලදී. 

අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු චෝදනාවලට විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම විය.

2017 අංක 2048/39 අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව වෝල්ට් 250 නොඉක්මවන විදුලි දිගු රැහැන්, පේනු සහ ඇඩප්ටර ඇතුළු උපාංග සඳහා SLS ප්‍රමිති සහතිකය තිබීම අනිවාර්ය වේ.