අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Politician Education
By krishani Jan 28, 2024 12:43 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. | All Preschools To The Same Framework

ඒ මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙය වීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ය.

එහිදී, ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමු කර නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම 2025 වර්ෂයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනයද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

Sponsored By Sarrita Jewellery

අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. | All Preschools To The Same Framework