මුදල් ඇමති ඉල්ලා අස්වෙයි?..විශේෂ ප්‍රකාශයක් කරයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament Ali Sabry Mahinda Rajapaksa Mahinda Yapa Abeywardena
By Aruna May 04, 2022 06:31 AM GMT
Report

රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියා.

එවන් වගකීමක් බාරගත හැකි පුද්ගලයෙකු වෙනුවෙන් තම මන්ත්‍රීධූරයත් ඇමති ධුරයත් පරිත්‍යාගය ගෙදර යාමට තමන් සූදානම් බවද හෙතෙම සදහන් කර සිටියේ.

අද පාර්ලිමේන්තුව අමතමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට රට තුළ ඇති ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත්තොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළා.

එනිසා පක්ෂ පාට වලට බෙදී දේශපාලන අරගල වල යෙදෙනු වෙනුවට කඩා වැටෙමින් ඇති ආර්ථිකය නගා සිටුවීමට හැකි ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීම සියලු දෙනාගේම ජාතික වගකීමක් බවත් හෙතෙම තවදුරටත් කියා එහිදී අවධාරණය කලේය.

මේ අතර දැනට යම් හිගයකට පමණක් සීමාවී තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළදී සහමුලින්ම රටට නැති වී යනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා වැඩි දරටත් සඳහන් කළා.

රට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය එතරම් ගැඹුරු එකක් බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින පිරිස හෝ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව ද හෙතෙම සදහන් කරයි.

දැනට කතාබහට ලක්වන්නේ ගෑස්, ඖෂධ, ඉන්ධන හිගය ආදී කාරණා සම්බන්ධව බව පමණක් බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now