අක්කපාන මෙතරම් ගුණයි කියා ඔබ සිතුවාද..?

Ministry of Health Sri Lanka
By Subodha Jul 12, 2022 08:20 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ලංකාවේ බෝහෝ ප්‍රදේශ වල වැවෙන ශාකයක් තමයි මේ අක්කපාන කියන්නේ .උසින් මීටර් 01 - 1.2 ක් පමණ වන මෙම ශාකය තද දියර ගතියකින් යුත් කොළ වලින් මේ ශාක ව්‍යාප්තිය සිදු වේ. මාංසලමය මෘදු මොළොක් පැළෑටියක් වන මෙහි කඳ තරමක් දුරට සිව් කෝණික ස්වරූපයකින් යුක්තය. ළපටි කාලයේ දී කඳේ කොළ වල නටු හා කොළයේ නාරටි මත ඉතා ළා රතු පැහැයක් දැක්වෙතත් කඳ මෝරා හොඳින් වැඩෙන විට ඒ පැහැය අඩු වේ.

පත්‍ර හෙවත් කොළ විවිධාකාර වන අතර පහළින් පිහිටි පත්‍ර සරලය. අක්කපාණ ශාකයේ විශේෂත්වය වන්නේ පත්‍රය වටා ඇති දැති අතරින් මුල් සහිත අංකුර හට ගැනීමයි. සාමාන්‍යයෙන් පොතක පිටු අතර තබන කොළයෙන් පවා මුල් හා අංකුර පැන නැගේ.   මෙලෙස යොදා ගන්නා අක්කපාන ශාකයෙන් අපගේ සෞඛ්‍ය සදහා ද බොහෝ සෙත සැලසේ .අක්කපාන ශාකයෙන් සුවකල හැකි ලෙස රෝග රාශියක් පහතින්

  • විදුරුමස් රෝගයට සහ මුඛයේ ඇතිවන තුවාල සදහා ගුණ දායකය.
  • කාය බල හා වර්ණයෙන් උසස් කරවයි.
  • වකුගඩු රෝග වලට ගුණ දායකය
  • අක්ෂි රෝග සදහා ගුණය.
  • උෂ්ණ රෝග නසයි.
  • නහර වල ආමාශයික තුවාල, ආමාශය සහ පශ්චාත් කම්පන සහගත වණ, ශරීරයේ බාහිර වශයෙන් ඇතිවන තුවාල වලට ප්‍රතිකාර කිරීමට ද උපකාරී වේ.
  • පිළිකාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි.
  • කාන්තා ප්‍රජනන පද්ධතිය ආරක්ෂා කරයි.
  • වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි හිසරදය හෝ ඉරුවාරදය වැනි රෝග සදහා ගුණ දායකයි.
  • පාද වල ඇතිවන විවිධ දිලීර ආසාදනයන් සුව කරයි.
  • අව් රශ්මිය නිසා ඇති වූ පිළිස්සුම් සමනය කරයි
  • ඉන්නන් සුව කරයි.


අධික රුධිර පීඩනය, රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, මුත්‍රා පිට නොවී තිබීම, අපහසුවෙන් සහ වේදනාවෙන් මුත්‍රා පිටවීම, කල්ගිය තුවාල මෙන්ම අලුත් තුවාල, සුද යාම, සියලුම සන්ධි රෝග, මුත්‍රා පද්ධතිය සම්බන්ධ රෝග, කොලරාව, පාචනය, අර්ශස් ආදී රෝග ගණනාවකට අක්කපාන කොළ ඖෂධයක් ලෙස යොදා ගනී.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now