අජිත් නිවාඩ් කබ්රාල්ට යළිත් නොතීසි..!
රට තුළ සිදු වූ අක්‍රමිකතාවලට එරෙහිව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව අධිකරණය විසින් යළි නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවේ අද මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීයි. පසුගිය 2 වනදා නඩුව කැඳවීමට නියමිතව තිබූ අතර එදිනට රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනුයි අද (05) දින මෝසමක් මගින් එය කැඳවනු ලැබුවේ.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේ මේ මස 23 වනදාට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි. එමෙන්ම, ඔහුගේ විදෙස් ගමන් තහනම ද එදින දක්වා දීර්ඝ කෙරුණා.
රට තුළ සිදු වූ අක්‍රමිකතාවලට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වගකිව යුතු බවත් ඔහු විදෙස් ගත වීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන ලෙස ඉල්ලමිනුයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |