ගාලු පාර රත් කරමින් මාර්ගය මැද සිදුකළ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශන එලියට - (CCTV VIDEO)

Sri Lanka Police Shooting Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 12, 2022 12:38 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අහුංගල්ල නගරයේ අද (12) සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබීය. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක පටිගතවී තිබුණි.

නගරයේ හෝටලයක් ඉදිරිපිටදී වෙඩිතැබීම සිදුවී තිබූ අතර මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරු ත්‍රීරෝද රථ ගාලක් අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩි තැබීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. වෙඩිවැදීමත් සමග තුවාලකරු වෙඩික්කරු සමග ප්‍රධාන පාරේ විනාඩි කිහිපයක් පොරබදින අතර පසුව ඔහුගේ ග්‍රහණයෙන් මිදී වෙඩික්කරු පළාගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now