පාසල් දැරියක් දුෂණය කර ඝාතනය කල පාපතරයා DNA වලින් වසර 13කට පසු කොටුවෙයි..

Sri Lanka Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Sep 29, 2022 04:18 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු ඩී.එන්.ඒ් සැසඳී‌මෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා ඊයේ (28) පලීගල ප්‍රදේශයේ දී ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

2009 වසරේ දී ඇහැළියගොඩ පොලිස් වසමේ කොස්ගහමූකලාන ප්‍රදේශයේ දී පාසල් නිල ඇඳුමින් නිවසට පැමිණෙමින් සිටි පාසල් දැරියක් එලෙස දූෂණය කර ඇතැයි අනාවරණය වේ.

ඝාතකයා සම්බන්ධයෙන් මේ වනවිට අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (29) දින අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now