කාල ඉතුරු වුන බත් වලින් හවස තේ මේසෙට රසම රස අග්ගලා හදමු...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
හවස තේ මේසයට ගොඩක් දෙනෙක් කඩෙන් ගන්න බිස්කට් කේක් වගේ හරි ක්ෂණික කෑම වර්ග හරි කන්න තමයි අද කාලේ ලමයි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ. අම්මලා විදියට හැමදේ ගැනම හිතලා අහක දාන බත් වලින් තේ මේසෙට රසම රස අග්ගලා හදමුද..
අවශ්‍ය ද්‍රව්‍ය -
- වේලාගත් බත් කෝප්ප 1
- පොල් බෑයක ගාගත් පොල්
- අවශ්‍ය පමණට සීනි
- අවශ්‍ය පමණට ලුණු
සාදන අයුරු -
- වේලාගත් බත් රන්වන් පාට වෙනකල් කබලේ බැදගන්න. ඉන්පසු යන්තම් බ්ලෙන්ඩර් කරගන්න(කෑලි හැපෙන පදමට) . පසුව එයට ගාගත්ත පොල්, සීනි, ලුණු සියල්ල එක් කොට මිශ්‍ර කර ගන්න. පසුව සීනි ටිකකට වතුර ස්වල්පයක් දමා ලිප තබා උකු ගතිය එනතෙක් හැඳි ගාන්න. ඉන් පසු එයටම කුඩු කරගත් බත් මිශ්‍රණය දාලා ඔයාලට තියෙන ඕන දෙයක් දාලා අතින් ගුලි හදන්න පුඵවන් තරම් වෙනකල් ලිපේ තියන් කලවම් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය නිවෙන්න භාජනයකට දමා ස්වල්ප වේලාවකින් මඳ රස්නයෙන් අවශ්‍ය තරමේ ගුලි හදා ගන්න
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |