අධ්‍යාපන ආයතනයක ප්‍රබල පිපිරීමක්..සිසුවියන් 100ක් මරුට..
Afghanistan
By Aruna
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂයිට් ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු බෝම්බකරුවෙක් සිදුකළ පිපිරීමකදී සිසු සිසුවියන් 100 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ.
මෙම සිසු සිසුවියන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පැමිණ සිටි බව හෙළිවිය.
අධ්‍යාපන ආයතනයට ආරක්‍ෂාව සලසන ලෙස බලධාරීන් තාලිබාන් පාලකයන්ගෙන් ඉල්ලා තිබුණත් ඒ ගැන සැලකීමක් දක්වා නැත.
තාලිබාන් සංවිධානය එරට සිසුවියන් අධ්‍යාපනය ලැබීම ගැන නොසතුට පළකර තිබූ අතර ජාත්‍යන්තර බලපෑම නිසා ඒ සඳහා අවසරය දී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |