වෙනත් බදුන් වලට වඩා මැටි බදුන් වල ආහාර පිසීමේ වාසි..?

Sri Lanka
By Subodha Jun 07, 2022 08:56 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අපි ඇලුමිනියම් භාජන පහසුවට ආහාර පිසීමට භාවිතා කළත් ඇත්තටම ඒවා ශරීරයට අහිතකර වෙන්නත් පුලුවන් වගේම ඒවායින් පිළිකා හැදෙන්න තියෙන අවස්ථාවත් වැඩියි.නමුත් මැටි වළදක් පාවිච්චි කරන කෙනෙකුටනම් එවැනි අවදානමක් නැහැ.

මැටි වළදක උයන කෑම හරිම රසවත්.ඒක අපි හැමෝම අත්දැකීමෙන්ම දන්න දෙයක්.‍ ඇලුමිනියම් භාජන වල පිසින ආහාර වලට සාපේක්ෂව මැටි වළන්වල පිසින කෑම ඉක්මනින් පිළුනු වෙන්නෙත් නැහැ.

මැටි බදුන් වල ආහාර පිසීමේ වාසි  

  • මැටි බදුන් වල ආහාර රසායනික ප්‍රතික්‍රියා සිදු නොවේ.
  • අවම තෙල් භාවිතයක් සහිතව ආහාර සකසා ගත හැකිය.
  • ආහාර රසවත් විම.
  • පිසින ආහාර ඉක්මනින් පිළුනු නොවිම.
  • පෝෂණීය ගුණය ඉහල විම.
  • ආර්ථික අතින් පහසු දායි විම.
  • නැවත නැවත රත් කිරිමට අවශ්‍ය නොවිම.
  • මැටි වළං වල ආහාර පිසීම ශරීරයට අමතර පෝෂ්‍ය පදාර්ථ එකතු විම.
  • ආහාර සදහා නැවුම් සුවඳක් එකතු වීම
  • පරිසර හිතකාමී ද වේ
  • මැටි භාජන වල ආහාර පිසීම හදවත් රෝග අඩු කරයි 

ශරීරයේ විෂ ද්‍රව්‍ය ඇත්නම් ඒවාත් ඉවත් කරන්නට සමත් වෙනවා. අපි ලේසියට පහසුවට ඇලුමිනියම්, නොඇළෙන බඳුන් ආහාර පිසීමට භාවිතා කලාට අපේ කමට ගැලපෙන මැටි බඳුන් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි කියලා කියන්නට බැහැ. අපි හැකි සෑම විටම මැටි බාජන වල ආහාර පිසීම සිදු කරමු.

නිරෝගීමත්ව ජීවත් වෙන්නට එයත් ලොකු පිටුවහලක් වනවාට නම් කිසිම සැකයක් නැත. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now