සක්‍රීය කාබන් වලට සිරුරේ විෂ නැසිය හැකි බව දැනගෙන සිටියද?
සක්‍රීය අඟුරු කියන්නේ ස්වභාවික ද්‍රව්‍යයක්නේ. දර (ලී), පොල්කටු වගේ දේවල් රත් කිරීමෙන් එහෙමත් නැත්නම් ගිනි තබා මේ අඟුරු ලබාගන්නවා. ඉස්සර නම දන්තාලේප නිෂ්පාදනය වෙන්න කලින් ගොඩක් ගෙවල් වල දත් මදින්න පාවිච්චි කළේ මේ දර සහ පොල්කටු අඟුරු. විෂ ද්‍රව්‍ය පෙරීම මගින් ශරීරයෙන් විෂ සහ හානිකර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමට සහ ශරීරයට අවශෝෂණය වීම වලක්වාලීමට සක්‍රීය අඟුරු වලට හැකියාව තිබෙනවා බව ඔබ දන්නවද? ඉතින් මේ කියන්න යන්නෙත් සක්‍රිය අඟුරු( Activated charcoal) වලින් ලැබෙන ප්රතිලාභ කිහිපයක් ගැනයි.
දත් සුදු කිරීම
සෝඩා, කෝපි සහ තේ වැනි පාන වර්ග ගැනීමෙන්, දුම්පානය සහ වයින් පානය වැනි පුරුදු නිසා ඔබේ දත් අවපැහැ ගැන්වෙන්න පුළුවන්. සක්‍රිය අඟුරු භාවිතයෙන් ඔබේ දත් මැදීම ඔබේ දත් වල පැල්ලම් සහ අනෙකුත් ද්‍රව්‍ය අවශෝෂණය කිරීමට උපකාරී වෙනවා. එසේම එය ඔබේ මුඛයේ pH අගය සමතුලිතව තබා ගැනීමෙන් මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කරන අතර කුහර, දුර්ගන්ධය සහ විදුරුමස් රෝග වළක්වනවා. කුරුලෑ සහ කම්මුල්ගාය සුව කරනවා සක්‍රිය කාබන් කුරුලෑ සහ මයිටාවන් ඇති කරන බැක්ටීරියා, අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ සඳහා මේ මිශ්‍රණය සාදා ආලේප කරලා බලන්න.
- සක්‍රීය කාබන් තේ හැන්දක්.
- ජලය තේ හැඳි දෙකක් සමඟ මිශ්‍ර කරන්න.
පසුව මෙය මුහුණේ ආලේප කරලා හොඳින් වියළීමට ඉඩ දෙන්න, ඉන්පසු ජලයෙන් හොඳින් සෝදා හරින්න.
ඒ වගේම කෝමාරිකා ජෙල් තේ හැඳි 2කට සක්‍රිය කාබන් එකතු කරලා facemask එකක් හදාගන්න පුළුවන්.
කෘමීන්ගෙන් කැසීම සහ කුෂ්ඨ අඩු කිරීම
ඔබට මී මැස්සන් හෝ මදුරුවන් දෂ්ට කිරීම් තිබේ නම්, ඔබට සක්‍රීය කළ කාබන් භාවිතා කළ හැකියි. සක්‍රීය කළ කාබන් විෂ ද්‍රව්‍ය, සහ අසාත්මිකතා සුව කරනවා. - පොල්තෙල් මේස හැදි භාගයක් සමඟ සක්‍රීය කළ කාබන් මිශ්‍ර කරන්න. කැසීම ඉවර වන තුරු සෑම විනාඩි 30 කට වරක් දෂ්ට කළ ස්ථානයේ ගාන්න.
පුස් ඉවත් කිරීම
බොහෝ දෙනා නොදැනුවත්වම නිවසේ හෝ රැකියා ස්ථානයේ පුස් වලට නිරාවරණය වෙනවා. පුස් වලට, වකුගඩු, අක්මාව සහ මොළයේ ගැටළු මෙන්ම හෘද රෝග, හිසරදය, වමනය සහ මානසික අවපීඩනය පවා ඇති කරන්න පුළුවන්. ඒ නිසා පුස් ඉවත් කිරීමට සක්‍රීය කාබන් භාවිතා කරන්න. එය ඉතා යෝග්‍යයි.
- තේ කොළ ටිකක්, බේකින් සෝඩා සහ ඇපල් සයිඩර් විනාකිරි සමඟ, සක්‍රිය කාබන් දිය කරලා පුස් ඉවත් කරන්න. කාබන් ටිකක ජලයේ දියකරලා ගත්තත් හරි.
හිසකෙස් පිරිසිදු කිරීම
දුවිලි හෝ වෙනත් සාධක නිසා හිසකෙස් වල අපිරිසිදු වෙලා දීප්තිමත් බව නැතිවෙන්න පුළුවන්. එවිට සක්‍රිය කාබන් තේ හැන්දක, ක්ලෙන්සර් තේ හැඳි 2 ක් සහ ජලය මිලි ලීටර් 100 ක් මිශ්‍ර කර තෙත් හිසකෙස් මත ආලේප කරලා ජලයෙන් හොඳින් සෝදා හරින්න.
ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කිරීම
දූෂිත වාතය ආශ්වාස කිරීම නිසාත්, රසායනික ද්‍රව්‍ය සහ පළිබෝධනාශකආහාරයට ගැනීම කරන නිසාත්, අපේ ශරීරය තුළ විෂ සංඝටකය රාශියක් එකතු වෙන්න පුළුවන්. එවැනි අවස්ථා වලදී සමහර වෛද්‍යවරුන් විසින් දින දෙකක් ඇතුළත ආහාර වේලකට මිනිත්තු 90 කට පෙර සක්‍රිය කාබන් 10g ක් නිර්දේශ කරනවා.
සුප් වැනි ඔබේ ආහාර වලට සක්‍රිය කාබන් ටිකක් එකතු කරන්න පුළුවන්. කෙසේ වෙතත් වෙනත් ඖෂධ සමඟ විවිධ ප්‍රතික්‍රිය ඇති විය හැකි නිසා වෛද්‍ය උපදෙසකින් තොරව සක්‍රීය කාබන් ආහාරයට ගන්න එපා .