ජීවිතයක් අහිමි වූ දරුණු රිය අනතුර (CCTV VIDEO)
Sri lanka
accsident
By Sithumi
A9 මාර්ගයේ මැදවච්චිය ඉසින්බැස්සගල ප්‍රදේශයේ අද (10) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිශාවට හැරවීමට උත්සාහ කිරීමේදී යාපනයේ සිට කොළඹ බලා ගමන්ගත් මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි මැදවච්චිය පුහුදිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.