සිව්දෙනෙකුට දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුරු...
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
පොලිසිය සඳහන් කළේ, බොරලැස්ගමුව, පුනරීන්, තලාතුඔය සහ තිරික්කෝවිල් යන ප්රදේශවල දී සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.
මාර්ගය හරහා ගමන් කළ 60 හැවිරිදි කාන්තාවක් කොළඹ - හොරණ මාර්ගයේ බොරලැස්ගමුව ප්රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, පුනරීන්, සේල්විපුරම් ප්රදේශයේ යතුරුපැදියක් ට්රැක්ටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා පුනරීන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් ඇති බවයි.
මේ අතර, තලාතුඔය, මයිලපිටිය ප්රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් 60 හැවිරිදි පැදිකරු මියගොස් ඇති අතර, තිරුක්කෝවිල් කුඩුනිලම් ප්රදේශයේ ද යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල වෙලකට පෙරළීමෙන් 21 හැවිරිදි පැදිකරු මියගොස් තිබේ.