අඩි 200ක් උස ගසක් මුදුනේ දී තරුණයෙකුට සිදුවූ බිහිසුණු සිදුවීම මෙන්න...
Police
Accident
Sri Lanka
Lidula lamariya waththa
By Aruna
අඩි 200 පමණ උසකින් යුක්ත යුකෙලෙප්ස්ටික් ගසක අතු කැපිමට ගස මුදනට නැගි වතු කම්කරුවෙකු හදිසියේ ගස මුදුනෙහිම රෝගාතුර විම නිසා එම වතු කම්කරුවා නිරුපද්‍රිතව ගසෙන් බිමට ගැනිමට පැය තුනක පමණ මෙහෙයුමක් දියත් කල බව ලිදුල පොලිසිය පැවසිය.
ලිදුල ලැමරිය වත්තේ පදිංචි බාලචන්ද්‍රන් අධිෂ්ඨකුමාර් (25) යන අය තම නිවසට අවශ්‍ය දර කපා ගැනිම සදහා පවුලේ සමාජිකයන් සමග පැමිණ ගසට නැග ගසේ අතු කපමින් සිටින අවස්තාවේ ලිදුල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඔහු ගස මුදුනෙහිම රෝගාතුර වි ඇත.
පසුව එම වතු යායේ තරුණයන් සිව්දෙනෙකු ලිදුල පොලිසියේද සහයෝගය ඇතිව ගස මුදුණට නැග කඹයක් ආධාරයෙන් ගස මුදුණේ රෝගාතුරව රැදි සිටි තරුණයාව නිරුපද්‍රිතව බිමට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |