රෝහල් සේවකයින් 16ක් ගමන් කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි..(VIDEO)

Hatton Accident Van accident Hospital servants
By Aruna Jan 30, 2022 10:54 PM GMT
Report

දික්ඔය මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් ඊයේ (30) පස්වරු 6.45ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි හැටන් පොලීසිය පැවසුවේ.

එම අනතුර සිදුවී ඇත්තේ, හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වනරාජා වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලදීය.

රෝහලේ කාර්ය මණ්ඩලය රැගත් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 20ක පමණ ප්‍රපාතයක පෙරළී එම අනතුර සිදුව ඇත.

ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී ආපසු රෝහල වෙත යමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සිට ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් වෑන් රථයෙන් ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණි.

අනතුරට පත් වෑන් රථය පෞද්ගලික රථයක් බවත්, අධික වේගය අනතුරට හේතුව වී ඇති බවත් අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now