ගලි බවුසරයක් කළ හරියක්..ප්රධාන මාර්ගයක යකා නටයි..
නුවරඑලිය මුලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිටදී නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට ප්රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙකු යටවී බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (12) දින උදැසන 10.30 ට පමණ නුවරඑලිය මුලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිටදී බවයි පැවසෙන්නේ.
නුවරඑලිය හාවාඑළිය ප්රදේශයේ සිට නුවරඑලිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවුසරය නුවරඑලිය දිස්ත්රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයකද ගැටි පදිකයින් දෙදෙනා යට කරගෙනවිත් ප්රධාන මාර්ගය අභියස පිහිටි පැති බැම්මක ගැටි බවුරය නතර වි ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ, අනතුරෙන් ගලි බවුසරයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, බවුසර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවයි.
බවුසර් රථයේ රියදුරා නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.