ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයෙන් රියදුරු විසි වී ගොස් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්..

Sri Lanka Police Accident
By krishani Oct 25, 2022 03:29 AM GMT
Report

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඉවතට විසි වී මාර්ගයට ඇදවැටී එම රථයේ රියදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් වන අතර සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටිය දී බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලහේන ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

එහිදී තම සැමියා පපුව රිදෙන බව එක්වරම තමන්ට ප්‍රකාශ කළ බව මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේ මියගොස් ඇති පුද්ගලයා එක්වරම ත්‍රිරෝද රථයෙන් ඉවතට ඇදවැටුණු බවත් පසුව රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථය ගසක සහ විදුලි රැහැන් ආධාරක කම්බියක ගැටී නතර වූ බවත් බිරිඳ පවසයි.

ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවූ එහි රියදුරු පසුව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

කොස්ලන්ද පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.