රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Sep 24, 2022 03:31 AM GMT
Report

වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරය ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් හමුදා සෙබලා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඔහු වයස අවුරුදු 36ක් පමණ වන මොණරාගල නක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.