බැංකුවට කඩා වැදි සුපිරි මෝටර් රථය..

Sri Lanka Accident
By krishani Oct 22, 2022 06:18 AM GMT
Report

අද (22) උදෑසන 8ට පමණ කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් වෙත සුඛෝපභෝගී මෝටර් රථයක් කඩාවැදී තිබේ.

මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර බැංකුවට දැඩි අලාභහානි සිදුවී ඇත.

මෝටර් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට යෑමේදී රියදුරගේ පාලනයෙන් ගිලිහී බැංකුවේ පියගැටපෙළ ඔස්සේ ඉදිරියට ධාවනය වී බැංකුව තුළට රථය කඩාවැදී තිබේ.

මෝටර් රථය ධාවනය කර ඇත්තේ දන්ත වෛද්‍යවරයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකරයි.