ගැබිණි ගුරුතුමියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

Sri Lanka Police Accident
By krishani Nov 09, 2022 05:14 AM GMT
Report

කහටගස්දිගිලිය - රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 23 හැවිරිදි ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ කාන්තාවගේ සැමියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඊයේ (08) දහවල් 2.30ට පමණ රාජකාරී අවසන් කර සැමියා සමග නිවෙස බලා යමින් සිටිය දී මැදවච්චියේ සිට පැමිණි ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

මියගිය කාන්තාව කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරුවරියක් වේ.ඇය කහටගස්දිගිලිය කිරිඉබ්බැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර බරපතළ තුවාල ලබා සිටි මියගිය කාන්තාවගේ සැමියා කහටගස්දිගිලිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලීසිය විසින් සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join