වේගය නිසා තරුණයෙකු ජිවිතක්ෂයට..
Sri Lanka
Accident
By krishani
සාදයකට ගොස් මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණයන් තිදෙනකු ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වීම හේතුවෙන් මෝටර් රථය පාලනයෙන් ගිලිහී බෝක්කුවක ගැටී ඇත.
සිද්ධියෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
අනතුරින් මියගොස් ඇත්තේ ඉංගිරිය, මහ ඉංගිරිය නාච්චිමලේ පදිංචිව සිටි මුතුමාල කලනජිත් නමැති 19 හැවිරිදි තරුණයෙක් ය.
මියගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස වම්පස අසුනේ සිටි තරුණයාය.