වාහන තුනක් ගැටෙයි – තිදෙනෙකු රෝහල් ගත කරයි..
අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් ත්‍රීරෝද රථයක සහ මෝටර් රථයක ගැටී ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන - අඹගමුව ප්‍රදේශයේ දී අනතුරක් සිදු වී ඇත.
අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මොටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ කැබ් රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා ඇත.
ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකිව නාවලපිටිය සිට ගිනිගත්හේන දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයේ මුලින්ම ගැටි ඇත.
ඊට පසුපසින් එම දිශාවටම ධාවනය වූ මොටර් රථයේ ගැටීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ සහ කැබ් රථය වෙල්යායට පෙරලී ඇත.
අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරා එම ස්ථානයෙන් පලාගොස් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුලත් වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |