වන අලියෙකුට බිය වීම නිසා මෝටර් රථයක් අනතුරට පත් වේ - එක් අයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Sep 05, 2022 06:51 AM GMT
Report

බිබිල පුවක් පැළ රක්ෂිතය ප්‍රදේශයේ දී වන අලියෙකු දැක කලබලයට පත්වීමෙන් මෝටර් රථයක් අනතුරට පත්ව තිබෙන අතර රියදුරුට මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි 18 හැවිරිදි උසස් පෙළ සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මියගිය සිසුවාගේ පියා මේ වනවිට බරපතළ තත්ත්වයෙන් බිබිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුරට ලක්වූ පියා මෝටර් රථය පදවා ඇති අතර ඔහු උපකාරක පන්ති ගුරුවරයෙක් වේ.උපකාරක පන්තියකට සහභාගී වී පදියතලාවේ පිහිටි සිය නිවස බලා ගමන් කරන අතරතුර සිය පුතා ද මෝටර් රථයට නැග තිබෙන අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join