පළාත් සභා හිටපු සභාපතිනියක් ගමන් ගත් මෝටර් රථයේ ගැටී අයෙක් මරුට..

Accident Death
By Aruna Feb 17, 2024 04:36 AM GMT
Report

දඹුල්ල - පැල්වැහැර ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනි ආරියවතී ගලප්පත්ති ගමන් ගත් මෝටර් රථයේ ගැටී මාර්ගය හරහා මාරුවීමට පැමිණි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්ත වනවා.

අද (17) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.