ප්‍රධාන මාර්ගයක තවත් බිහිසුණු මාරක අනතුරක්.. 03ක් ජීවිතක්ෂයට..සංවේදී ඡායාරූප සහිතයි(PHOTOS)
Police spokesman
Sri Lanka Police
Accident
Death
By Aruna
නාරම්මල - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල වංගුව අසළ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා.
අද (27) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ, ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙනුයි.
සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගිය තිදෙනා ත්‍රිරෝද රථයේ ගමන් කළ අය ව බවයි පැවසෙන්නේ.
පොලිසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිව්දෙනකු ගමන් කර ඇති බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Sponsored By Sarrita Jewellery





