17 හැවිරිදි තරුණියක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි..

Sri Lanka Railways Accident Department of Railways Hatton Railways
By Aruna Aug 20, 2023 06:17 AM GMT
Report

ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

දුම්රියේ ගැටී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් මෙකා නැමති (17) හැවිරිදි තරුණියක් බවයි දිඹුල පතන පොලීසිය ප්‍රකාශ කළේ.

දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගය දිගේ ජංගම දුරකථනයෙන් කතා කරමින් නිවස කරා පැමිණෙන අතරතුර හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අඩි 60 පාලම අසල දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් කොටගල දුම්රිය ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.