CCTV කැමරාවේ සටහන් වූ අවාසනාවන්ත රිය අනතුර..(CCTV VIDEO)

Police Accident CCTV video Pinnawaththa
By Aruna Dec 19, 2021 07:35 AM GMT
Report

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පින්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රී 8ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කළුතර සිට කොළඹ දෙසට ගමන් ගත් ලොරි රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටි මෙම අනතුර සිදුවී ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකි. කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.

අපරික්ෂාකරි රිය ධාවනය සහ නොසැළකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවද පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now